ඌව පළාතේ මොනරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර පාසලක් වන බුද්ධම මහා විද්‍යාලය 1939.03.31 වන දින අප විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිසුන් එකොළොස් දෙනකුගෙන් යුත් පළමු අත්පොත් තැබූ අතර 1940 වර්ෂයේ දී නිල භාවයෙන් යුක්තව මෙම පාසල ලියාපදිංචි කරන ලදී. ඈත ගම්බද පාසලක් වන මෙය එවක අලි, කොටි, වලස් වැනි භයානක සතුන් හා විවිධාකාර සතුන්ගෙන් ගහන වූ අතිශය කටුක අමිහිරි ලදු කැලෑවලින් පිරිපුන් පාසලක් ලෙසපැවතිණි. මුල් පදිංචි පවුල් විස්සකට ආසන්න සංඛ්‍යාවක් තිබූ ගොඩැල්ල ඇල, දොළ,ගස් කොලන්, සතා සිවුපා ජීවත් වූ විටෙක අතිශයින්ම සුන්දර තවත් විටෙක
අතිශයින්ම දුෂ්කර පාසලක් පාසල් වටපිටාවක් පැවතුණි. වසම් පහකට වත්මන් කාලයේ බෙදා වෙන්කලද මෙම ප‍්‍රදේශයේ මුල් කාලයේදී එකම ගමක් බවට පත්වුවත් ජනගහනය අතලොස්සක්ව පැවතුණි. එවක ජන ජීවිතය හේන් ගොවිතැන හා සත්ත්ව දඩයමෙන් ජීවත් වූ ජනතාවක් වීම නිසා පාසල් පැමිණි දරුවන් සංඛ්‍යාව ඉතා අතලොස්සක් විය. එම නිසාවෙන්ම පාසල් කාලය තුළද හේන් ගෝතැන් කටයුතුවලට සම්බන්ධ වූ දරුවන්ද සාක්ෂරතාවය අතින් ඉතා පහළ මට්ටමක පැවතුණි. එහෙත් වත්මන් සමාජය දක්වා ප‍්‍රවර්ධනය වී නැඟී සිටිමට විවිධ විදුහල්පතිවරුන්, ගුරු භවතුන් හා ගම්මුන් මහත් අභියෝග මැද්දේ කාලයාගේ ඇවෑමෙන් ගුණාත්මක හා දියුණු යහපත් ප‍්‍රතිඵල නෙළා ගැනීමට උත්සහ ගත් අතර වර්තමානය වන විට 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 750කට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය ලබන අතර ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමතුන් විශාල ප‍්‍රමාණයක් මේ වන විට අප විද්‍යාලයෙන් සමාජයට දායාද කරන්නට විදුහල්පති ගුරු හා දෙමව්පිය සිසු යන සෑම පිරිසකගේම නොමසුරු දායකත්වයක් ලැබීමත් විශාල ජයග‍්‍රහණ රැසක් එතුළින් නෙලා ගැනීමට හැකියාව ලැබීමත් සතුටට කරුණකි. වර්තමානය වන විට ප‍්‍රාථමික, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන අංශ තුනෙන්ම සමන්විත වේ. වර්තමානය වන විට සිසුන් 754 පමණ අධ්‍යාපනය ලබන අතර ගුරුවරුන් 41 යටතේ ඉගෙනුම ඉගැන්වීම් ක‍්‍රියාවලිය සිදු කරනු ලබයි.
ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය, අ.පො.ස. උසස් පෙළ විභාගය යන කඩඉම් වලදී සිසුන් ඉහල අධ්‍යාපන ප‍්‍රතිඵල සාධනයක් පෙන්නුම් කරනු ලබයි. ජ්‍යෙෂ්ඨ අංශයේ සිසුන් සඳහා කලා විෂය ධාරාව සහ වාණිජ විෂය ධාරාව යටතේ අධ්‍යාපනය ලබාදෙන අතර එහිදී කලා විෂය ධාරාව යටතේ සිංහල, ඉතිහාසය, බෞද්ධ ශිෂ්ටාචාරය, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, චිත‍්‍ර යන විෂයන්ගෙන් සමන්විත වන අතර එම විෂයයන් මෙන්ම වාණිජ විෂයයන් මගින් උසස් පෙළ හදාරනු ලබන සිසුන් වාර්ෂිකව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහාද සුදුසුකම් ලබයි. එමෙන්ම භෞතික සම්පත් කෙරෙහි අවධානය යොමු කළහොත් වර්තමානය වන විට පාසලෙහි ගොඩනැගිලි, විද්‍යාගාර පුස්තකාලය, ගුරු විවේකාගාරය, ක්‍රීඩා පිට්ටනිය, වැසිකිලි ආදිය සමන්විත වූවත් ඒවා බොහොමයක් අභාවයට ගොස් ඇත.





