මො/ බුද්ධම මහා විද්‍යාලය

පාසල් වාරය අවසන් වන දින හා ආරම්භ වන දිනය

122.jpg
122.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

P.G.චතුරංග මහතා

සෑම පාසලක්ම සුවිශේෂී වන අතර බුද්ධම මහ විද්‍යාලයද ඉතා අභිමානවත් පාසලකි. විවිධ දක්ෂතා, හැකියාවන් සහ විභවයන් ගෙන් සපිරි දරු පිරිසක් මෙහි අධ්‍යාපනය ලැබීම මහත් වරප්‍රසාදයකි. අධ්‍යාපනය පමණක් නොව අනාගත අභියෝග දකින්නන්, ගැටළු විසඳන්නන් ලෙස ප්‍රජාවේ අනාගත නායකයන් වීම නොඅනුමානය. ක්‍රීඩා, සෞන්දර්යාත්මක සහ තාක්ෂණය තුළින් වැඩ ලෝකයට සරිලන චරිත සංවර්ධනය සහ සන්නිවේදන කුසලතා ගොඩනඟා ගනු ඇත. හරිත ශාක වලින් පිරුණු සුන්දර පරිසරයක් මැද පිහිටි  පාසල දරුවන්ගේ ස්වභාව සෞන්දර්යාත්මක ගුණයන් වර්ධනය කිරීමට පෙළඹෙනු ඇත. අධ්‍යපනය මෙන්ම මානව දයාවෙන් පිරුණු දරු පිරිසක් සමාජයට දායාද කිරීමට අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ගන්නා උත්සාහය ඉතාමත් ප්‍රශංසනීයයි. 

අනාගත වැඩලෝකයට සාර්ථකව මුහුණ දීමට හැකිවන පරිදි බහුවිධ කුසලතාවයන්ගෙන් සපිරිණු වෙනස්වන ලෝකයේ අභියෝගයන් ජයගතහැකි සමබර පෞරුෂයකින් හා මානව ගුණ ධර්මයන්ගෙන් සපිරුණු දූදරුවන්  වේරහැර බණ්ඩාරනායක මහ විද්‍යාලය තුලින් බිහිකිරීමට අප උත්සාහ කරන්නෙමු.

P.G.චතුරංග මහතා
නියෝජ්‍ය විදුහල්පති
බුද්ධම මහ විද්‍යාලය.